අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම- බේරුවල නිවාස ප්‍රතිසංස්කරණයට ත්‍රිවිධ හමුදා සහය

    ජූලි 06, 2014

    පසුගියදා අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් විනාශයට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීම ත්‍රිවිධ හමුදාව මගින් ආරම්භ කර ඇත.


    මේ වන විට ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව එම අලුත් වැඩියාවන් සිදුකෙරෙමින් පවතින බව මේජර් ජෙනරාල් උභය මැදවෙල මහතා පවසයි. 

    එහි පළමු අදියර තුළ පසුගිය ජූනි 27 වැනිදා මෙම විනාශයට පත් නිවාස හා කඩසාප්පු නැවත ගොඩනැගීම ආරම්භ කළ බවත්, එහිදී ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් 200කගේ සහය ඇතිව පළමු දවස් තුන තුළ අදාළ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කිරීම සිදු කළ බවත් මේජර් ජෙනරාල්වරයා පැවසීය. ඉන් අනතුරුව විශේෂිත ගොඩනැගීමේ කණ්ඩායම් පසුගිය 30වනදා සිට අවතීර්ණ කළ බවත්, ඒ අනුව දැනට ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් යුධ හමුදාවේ 107 දෙනෙකුත්, නාවික හමුදාවෙන් 63 දෙනෙකුත්, ගුවන් හමුදාවෙන් 98 දෙනෙකුත්, ලෙස භටපිරිස් යොදවා ඇත. මේ අනුව දැනට නිවාස 50ක් සහ පල්ලියක් පිළිසකර කරමින් පවතින බව මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya