අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරු හුවමාරු ගිවිසුමක්

    සැප්තැම්බර් 23, 2017
    ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ‍්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳ ව සාකච්ඡාවක් පසුගිය දා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හා ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     
    මේ පිළිබඳ ව විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ‍්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ.
     
    සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම වැඩසටහන යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  අදාළ රට තුළදි එම සිරකරුවා ලැබු දඩුවම ඒ ආකාරයෙන්ම තම රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වේ.  
     
    අදාළ ගිවිසුම පිළිබඳ ව මුලික සාකච්ඡා සිදු වු අතර මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
     
    ඉරානය හා ශ‍්‍රී ලංකාව අතර අධ්‍යාපන සංස්කෘතික සබඳතා අතීතයේ සිට පැවත එන්නක් බවත් එය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
     
    නව අධිකරණ අමාත්‍ය ධුරයට පත් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට ඉරාන රජයේ සුබ පැතුම් එක් කරන බව ද මෙහිදී තානාපතිවරයා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් , ඉරාන නියෝජ්‍ය තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya