අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීග්‍රගාමී දුම්රියක් බම්බලපිටියේදී පීලි පනී

    ජූලි 06, 2014
    මාතර සිට කොළඹ කොටුව බලා ගමන් ගත් සීග්‍රගාමී දුම්රියක් ඊයේ (05) පස්වරුවේදී බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්විය.
     

    එහිදී තුවාල ලැබූ 07 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පීලි පැනීම පිළිබඳ අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී වී.ඒ.පී ආරියරත්න මහතා පැවසුවේ, දුම්රිය පීලි දිරාපත්වීම හේතුකොට ගෙන මෙවැනි අනතුරු සිදුවන බවයි. එම ස්ථානය අදාළ නිලධාරීන් විසින් පරීක්ෂා කළ බවත්, එහිදී දුම්රිය පීල්ලේ කොටසක් කැඩී ගොස් ඇති බව හඳුනාගත් බවත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. මුහුදු තීරයට ආසන්නයේ ම මෙම මාර්ගය ගමන් කිරීම හේතුවෙන් කිහිප විටක්ම මේ ආකාරයෙන් ම මෙම ස්ථානයේ දුම්රිය පීලි දිරාපත් වී ගොස් පැවතුණ බවත්, විශේෂයෙන් ම කොම්පඤ්ඤ වීදිය සිට දෙහිවල දක්වා රේල් පීලි සාමාන්‍ය ඒවාට වඩා අධික ලෙස දිරාපත් වන බවත් එහිදී සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේය. 

    මේ හේතුව මත මීට පිළියම් ලෙස වේග සීමා පනවා හැකි තරම් ඉක්මනින් මෙම පීලි ඉවත් කර දුම්රිය ධාවනයේ යෙදවීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන බවද කී සාමාන්‍යාධිකාරිවරයා තවදුරටත් පැවසුවේ, නව පීලි කඩිනමින් සවිකරන බවත්, අලුතින් වේග සීමා පැනවීමට කටයුතු කරන බවත්ය.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya