අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිපිටි ආනයන සඳහා වන තීරුබදු සහනය අඩු‍ කෙරේ Featured

    ජූලි 06, 2014

    මේ වන විට ජාත්‍යන්තර වෙළඳපො‍ළේ කිරිපිටි මිල පහළ යමින් පවතින අතර, මේ වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර වෙළඳපො‍ළේ කිරිපිටි මිල ඉහළ ගිය අවස්ථාවේ දේශීය කිරිපිටි මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කිරිපිටි ආනයනකරුවන් වෙත ලබා දෙන ලද තීරුබදු සහනය පසුගිය 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.


    මෙම ව‍සරේ ජනවාරි මස කිරිපිටි මෙට්රික් ටොන් 1ක මිල,  ඇමරිකානු ඩොලර් 5,000ක් පමණ වූ අතර එය මේ වන විට ඩොලර් 3,500 - 3,800 අතර ප්‍රමාණයකට පහත වැටී ඇත. සාමාන්‍යයෙන් කිරිපිටි කිලෝ ග්‍රෑමයකට රු.125/= ක රේගු බද්දක් අදාළ වුවද, මේ වසරේ මුල ජාත්‍යන්තර වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම සලකා එම රේගු බදු ප්‍රමාණයෙන් කිලෝ ග්‍රෑමයක්  සඳහා රු.57/= ක් පමණක් අය කර ගන්නා ලද අතර,  රු.68/=ක තීරුබදු  සහනයක් ලබා දී තිබුණි. එහෙත්, මෙම වසරේ මැයි මාසය වන විට ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින්, කිරිපිටි ආනයනකරුවන් වෙත ලබා දී තිබූ තීරුබදු සහනය රු.68/= සිට රු.43/= දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.


    මෙමඟින්, කිරිපිටි ආනයන අධෛර්යමත් වීමත්, දේශීය දියර කිරි කර්මාන්තය ආරක්ෂා වීමත් අපේක්ෂා කෙරේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya