නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතට අද විටින්විට වැසි Featured

    ජූලි 05, 2014

    අද (05) දිවයිනේ, දකුණු පළාතට වැසි තත්ත්වය වැඩි කරමින් පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ දකුණු පළාතට විටින්විට වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. මේ වැසි වයඹ පළාතට ද පැතිර යා හැක.


    අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ලට විටින් විට වැසි ද කොළඹ, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ද ඇති විය හැක.


    අනුරාධපුර,  යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36°C අනුරාධපුර හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38°C ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.5°C නුවරඑළියෙන් ද මි.මී. 40.8ක උපරිම වර්ෂාපතනය​ කුච්චවේලි ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya