අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ මහා සිසු පෙරහර 12 වැනිදා වීදි සංචාරය කරයි

    ජූලි 04, 2014

    අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ලොව විශාලතම ඇසළ මහා සිසු පෙරහැර ලබන 12 වැනි දින ප.ව. 2.00ට කොළඹ මහනාම විද්‍යාලයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා වීදි සංචාරය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.


    මෙම පෙරහර සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන පාසල් නැටුම් කණ්ඩායම් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගි වන අතර සිසුන් 15,000කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතය.   


    කසකරුවන්, තාලම් නර්තන, පන්තේරු, කොඩි කණ්ඩායම්, අලි ඇතුන්, උඩරට හා පහත නැටුම්, වඩිග පටුන, සවරම්, පොල්මල් නැටුම්, දමිළ නැටුම්, රබන්, ලී කෙළි, ගැමි නැටුම්, ගොයම් නැටුම්, වට්ටි නැටුම්, වෙස් නැටුම්, තූර්ය වාදක කණ්ඩායම් යනාදී නැටුම් කණ්ඩායම් 200කට වැඩි උත්කර්ෂවත් ආකාරයෙන් මෙම මහා සිසු පෙරහර විචිත්‍රවත් වේ.


    කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ වන පෙරහර කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන ප්‍රධාන ස්ථාන 04ක් ඔස්සේ පෙළගැසෙන පෙරහර කොල්ලුපිටිය ගාලු පාර ඔස්සේ අරලියගහ මන්දිරය ඉදිරියෙන් ගමන් කර රොටුන්ඩා උද්‍යානයෙන් නවම් මාවතින් පෙරහර මාවත ඔස්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණේ.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සියලුම අමාත්‍යවරුන්, විදෙස් තානාපතිවරුන් හා සංචාරකයන්, වෙනත් ආරාධිත ප්‍රභූන් රාශියක් මෙම පෙරහැර නැරඹීමට එක්වීමට නියමිතය.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya