මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතුරාජවෙල ආපදාව නිසා පෙට්රල් හිඟයක් ඇති නොවේ Featured

    ජූලි 04, 2014

    අද (04) පෙරවරුවේ මුතුරාජවෙල SPBM බෝයාව (Buoy) මඟින් පෙට්රල් තොග බාමින් සිටිය දී සිදු ව ඇති ආපදාව නිසා රට තුළ කිසිදු පෙට්රල් හිඟයක් ඇති ‍නොවන බවත් දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය ඉන්ධන තොග කොළොන්නාව හා මුතුරාජවෙල ගබඩා සංකීර්ණ සතුව පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රියාකරවුම්) ලලිත් හෙට්ටිතන්තිරිගේ මහතා පවසයි.


    මේ ආපදාව පැය 24ක් තුළ යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වුව හොත් ඉතුරු ඉන්ධන තොගය කොළඹ වරායේ ඇති ඩොල්පින් ජැටිය වෙත ගෙනැවිත් හිස් කිරීමට කටයුතු කරනු ඇත.


    මේ ආපදාවට ලක් වූ බෝයාව අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බැවින් දෝෂය හඳුනාගැනීමෙන් පසු එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya