අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරට හෙට විශේෂ දුම්රිය සේවා

    ජූලි 04, 2014
    අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියස හෙට (05) පැවැත්වෙන පිච්ච මල් පූජාව සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අද (04) සිට ලබන 06 දින දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ.


    හෙට (05) පෙරවරු 4.15ට කොළඹ කොටුවෙන් පිටත්ව අනුරාධපුරයට පෙරවරු 9.03ට ද පෙරවරු 7.05ට කොළඹ කොටුවෙන් පිටත්ව අනුරාධපුරයට පෙරවරු 11.57ට ද පෙරවරු 7.50ට කොළඹ කොටුවෙන් පිටත්ව අනුරාධපුරයට පස්වරු 12.27ට ද මෙම විශේෂ දුම්රිය ධාවන කරනු ඇත. 

     

    අනිද්දා (06) අනුරාධපුරයෙන් පෙරවරු 1.15ට, පෙරවරු 7.15ට, පෙරවරු 9.20ට හා පස්වරු 2.20ට  පිටත්වන දුම්රිය පිළිවෙළින් පෙරවරු 5.35ට, පස්වරු 12.45ට, පස්වරු 2.05ට හා රාත්‍රී 7.42ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

     

    කොළඹ කොටුවේ සිට පලෙයි අතරත් පලෙයි හා කොළඹ කොටුව අතරත් ධාවනය වන යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රියට දෙවන පන්තියේ අමතර මැදිරියක් එක් කරනු ඇත. තව ද මාතර සිට වව්නියාව හා වව්නියාව සිට මාතර අතර ධාවනය වන රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියට තුන්වැනි පන්තියේ අමතර මැදිරි 02ක් ද අද සිට  6 දින දක්වා ගාල්ල දුම්රිය ස්ථානයේ සිට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya