මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගවයින්ට වැළඳෙන කුර හා මුඛ කුහර රෝගවලට අවශ්‍ය එන්නත් කඩිනමින්

    ජූලි 04, 2014

    ගවයින්ට වැළඳෙන කුර හා මුඛ කුහර රෝගවලට අවශ්‍ය එන්නත් හිඟය සඳහා පිළියමක් ලෙස ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 03ක අධික වටිනාකමකින් යුත් එන්නත් තොගයක්  කඩිනමින් ගෙන්වීමට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා අදාළ බලධාරීන් හට උපදෙස් දුන්නේය.


    මේ ගවයින් හට වැළඳෙන මෙම රෝගය සඳහා පිළියම් සෙවීමට පසුගියදා මහනුවරදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    ශ්‍රී ලංකාව පුරා සිටින හරකුන් අතර ඉතා වේගයෙන් පැතිර යමින් පවතින කුර හා මුඛ රෝගය පාලනය කිරීම සඳහා ලබා දෙන කුර හා මුඛ එන්නත් හිඟයක් පැවතීමෙන් කිරි ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත.


    දකුණු පළාතේ කුර සහිත සතුන් සඳහා කුර හා මුඛ එන්නත් මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ලබා දී ඇත්තේ සතුන් 19301 දෙනෙකුට පමණක් වේ. නමුත් අති විශාල ප්‍රමාණයක් ගවයින්ට මෙම රෝගය වැළඳී ඇත. මෙම රෝග කාරක නිසා කිරි නිෂ්පාදනය සඳහා දැඩි බලපෑමක් එල්ල වන බව කිරි ගොවීහු පවසති.


    වසංගතයක් ලෙස කුර හා මුඛ රෝග ගවයින් අතර පැතිර යමින් පවතින මේ අවස්ථාවේ  එක් සතකු සඳහා එන්නත් 03ක් ලබා දිය යුතු බව පැවසේ. ඒ පළමු එන්නත ලබා දී මාස 04න් පසුව දෙවන එන්නත ද තවත් මාස 12කින් පසු තෙවැනි එන්නත ද ලබා දිය යුතු වේ.
     

    මෙම අවස්ථාව සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya