අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමඤ්ඤ නිකායේ ගෞරව නාම ප්‍රදාන ඇමතිවරුන්ට, උප කුලපතිට හා ආණ්ඩුකාරවරියට

    ජූලි 04, 2014
    යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා සම්බුද්ධ ශාසනයට කරන ලද මෙහෙවර අගය කරමින් රාමඤ්ඤ මහා නිකාය මඟින් "ශාසනාභිමානී ලංකාපුත‍්‍ර" ගෞරව නාමය පිරිනමන ලදී. 
     
    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වන උපසම්පදා මහෝත්සවය පසුගිය අඟහරුවාදා මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය නාපාණේ පේ‍්‍රමසිරි මහා නාහිමිපාණන් අතින් අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා එම සන්නස් පත‍්‍රය ලබාගත්තේය.‍
     
    ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්වරුන්ට සහ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය වෙත ද රාමඤ්ඤ නිකායේ ගෞරව නාම ප්‍රදානයක් මහනාහිමියන් අතින් මෙහිදී සිදු කෙරිණි.
     
    ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya