අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ

    ජූලි 04, 2014

    නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක අතර නිල හමුවීම ඊයේ (03) යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය.


    යුද හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ විසින් යුද හමුදා මුලස්ථානයට පැමිණි නව නාවික හමුදාපතිවරයා පිළිගැනීමෙන් පසු  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් විසින් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාළියක් පවත්වන ලදී.


    යුද හමුදාපති විසින් නව නාවික හමුදාපති ඉතා උණුසුම් අයුරින් පිළිගෙන සුභපතනු ලැබීමෙන් අනතුරුව  නව නාවික හමුදාපති වෙත  ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදෙන ලදී.  මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

     

    navy commander meet army commander 1

    navy commander meet army commander 2


    මෙහිදී හමුදා ප්‍රධානීන් දෙදෙනා නාවික හමුදාවට සහ යුද හමුදාවට බලපාන පොදු කරුණු පිළිබඳවත් සහයෝගය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබදවත් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සිහිගැන්වීම සඳහා යුද හමුදාපතිතුමා සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරරො අතර සමරු ඵලක හුවමාරු කරගන්නා ලදී.  පසුව නව නාවික හමුදාපති විශේෂ අමුත්තන් සඳහා වු සටහන් පොතෙහි ද අත්සන් තැබීය.


    HC/pics: Army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya