ශී‍්‍ර ලංකා චීන මාධ්‍ය සහයෝගිතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී ඊයේ (02) පස්වරුවේ පැවැති මාධ්‍ය සහයෝගිතාව පිළිබඳ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් රෙන් ෆාකියැන්ග් මහතා මේ බව අවධාරණය කළේය.
තිස්වසරකට ආසන්න කාලයක් පැවැති යුද ගැටුම් සාර්ථකව නිමාවට පත් කිරීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවට මානව හිමිකම් කඩවීම් සිදු වු බවට චෝදනා එල්ල කරන්නට ඇතැම් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන උත්සාහ ගෙන තිබේ. නමුත් මේ දක්වා කාලය තුළ ඒ සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම චීනය, ශී‍්‍ර ලංකාවට සහයෝගය ලබාදී තිබෙන බවද ඉදිරියටත් අඛණ්ඩව එම සහයෝගය ලබා දෙන බවද ඔහු ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ස්ථාවරය තම රටට හොඳින් පැහැදිලි බව පෙන්වා දුන් ඒ මහතා තම රට ශී‍්‍ර ලංකාවට පූර්ණ සහය දීමට සෑම විටම සුදානම් බවද කීය. චීනයට අවශ්‍ය අවස්ථාවන් හි ශී‍්‍ර ලංකාවෙන් උපරිම සහය හිමිවන බව ද ඔහු සිහිපත් කළේය.
ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානියා සඳහන් කළේ යුද ගැටුම්වලින් අනතුරුව ශී‍්‍ර ලංකාව ඉතා කෙටි කාලයක් තුළ ශීඝ‍්‍ර දියුණුවක් ලබා තිබෙන බවයි. එය සියලු පාර්ශවයන් විසින් අගය කළ යුතුයි. ශී‍්‍ර ලංකාව සහ චීනය රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ආරම්භ කොට මේ වනවිට වසර 67ක් පමණ වන බව සිහිපත් කළ රෙන් ෆාකියැන්ග් මහතා ශී‍්‍ර ලංකාවේ සහ චීනයේ සහයෝගීතාව ශක්තිමත් දියුණුවකට මගපාදන බව ද ෂිංහුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමත් සමඟ විවිධ අංශයන්ගෙන් ප‍්‍රගතිය කරා යාමට විශාල පහසුවක් වන බවද පැවසීය.
NDH/priu