අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල වැඩි කිරීමට කිසිම අදහසක් නැහැ Featured

    ජූලි 03, 2014

    ඉන්ධන මිල වැඩි කිරීමට කිසිම අදහසක් නැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෝයාව අලුත්වැඩියා කිරීම සහ ඛනිජ තෙල් හිඟයක් ඇතිවේ යැයි පවතින සාවද්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් අද (03) දින අමාත්‍යාංශයේදී අදහස් දක්වමිනි.

    සපුගස්කන්ද තාවකාලිකව නවතා දැමීමත් සමඟ දැවිතෙල් හිඟයක් ඇතිවේ යැයි මතියක් තිබුණත් එය එසේ වූයේ නැහැ. එය කළමනාකරණය කිරීමට හැකි විය. අද දින විදුලිබල මණ්ඩලයට අවශ්‍ය දැවිතෙල් තොග නිදහස් කිරීමට කටයුතු කළ අතර සෑම සතියකම තෙල් තොග පිළිබඳව අධ්‍යයනය කරන බවත් කර්මාන්ත හා රෝහල් සඳහා දැවිතෙල් නිකුත් කිරීම කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, බෝයාව නළය වසර තුන හමාරක වගකීම් තියනවා. නමුත් මාස තුනෙන් එය කැඩුණා. ඒ නිසා තෙල් ගොඩබෑම පිළිබඳව ගැටලුවකට මුහුණ දුන්නා. ප‍්‍රධාන නැවෙන් තවත් කුඩා නැවකට මාරුකිරීම සිදු කරනවා. ඒ අතරතුර නව නළයක් සකස් කිරීමට කටයුතු කරනවා. මේ දිනවල නාවික හමුදාවේ ද සහය ඇතිව බෝයාවේ නළය අලුත්වැඩියා කටයුතු කරනවා. පිරිපහදුවේ තෙල් තිබෙන බවත් බෝයාව සකස් කරන තෙක් පිරිපහදුව වසා තිබෙන බවත් ඔහු පැවසීය.

    නමුත් ඒ කාලය තුළ කිසිදු සේවක අයිතියක් කප්පාදු කර නැහැ. ඔවුන් සමඟ සාකච්ඡා කරමින් කටයුතු කරනවා. පිරිපහදුවේත් අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කරනවා. දිගු කාලීන ගිවිසුම් තිබෙන නිසා නැවක් හා තෙල් ලබාගන්නා වරාය පහසුකම් වෙන් කර තිබෙනවා. මේ නිසා ඇනවුම් පවතින බවත් පෙර කළේ මාසිකව කෙටි කාලීන ටෙන්ඩර් මඟින් තෙල් ලබාගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.

    නැවකින් නැවකට තෙල් මාරුකිරීම සඳහා නැවක් වෙන් කරගෙන තිබෙන බවත් ඒ අතර තුර ඩන්ලොප් නැමති සමාගමට නව නළයක් නිෂ්පාදනය කිරීමට ලබාදී ඇති බවත් තවදුරටත් ඔහු පැවසීය.

    එසේම කිසිම ලෙසකින් තෙල් හිඟයක් ඇති නොවන බව පැවසූ ඔහු මසකට අවශ්‍ය තෙල් තොග අප සතුයි. එසේම දිගු කාලීන ගිවිසුම් නිසා තෙල් ඇනවුම් තිබෙන බවත් මේ නිසා තෙල් හිඟයක් පිළිබඳ කිසිදු බියක් නැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya