අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධුනික කාන්තා සෙබළියෝ විසිර යති Featured

    ජූලි 03, 2014

    මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවැති මුලතිව් ප‍්‍රදේශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවට බඳවාගත් තරුණියන් 30 දෙනෙක් මාස තුනක පුහුණුවකින් පසු ඊයේ (02) මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී විසිර ගියහ.

    2014 වසරේ මාර්තු මස ශ‍්‍රී ලංකා යුධ හමුදාවට එක්වූ මෙම කාන්තා සෙබළ පිරිස ගැටුම් නිසා හානියට පත් මුලතිව් ප‍්‍රදේශයේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධීකරණ සඳහා යොදවා ගැනීමත් සිවිල් ජන ජීවිතය නගාසිටුවීමේ කාර්යයන් සඳහා දායක කර ගැනීමත් අරමුණ වේ. මෙම සෙබළියන් පිරිස සිංහල භාෂාව, සිවිල් නීතිය මෙන්ම යුද නීතිය සම්බන්ධයෙන් ද මනා පුහුණුවක් ලැබ ඇත.

     

    මෙම කාන්තා සෙබළියන් විසිරයෑමේ පෙළපාළියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාය. කාන්තා සෙබළියන්ගේ දෙමාපියන්, අවට විද්‍යාලවල විදුහල්පතිවරුන් ශිෂ්‍යභට කණ්ඩායම් නියෝජනය කරමින් විශාල නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya