අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක Featured

    ජූලි 03, 2014

    අද (03) දිවයිනේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට වැඩිවීමට ඉහළ හැකියාව තවදුරටත් පවතී. එහෙත් දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතට වැසි පැතිර යා  හැක.

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇතිවීමට ඉඩ කඩ ඇත.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

    කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    අනුරාධපුර,  යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7°C නුවරඑළියෙන් ද මි.මී. 92.9ක උපරිම වර්ෂාපතනය​ ගාල්ල, අතුඇළ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya