අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වන විට සියලු දෙනාට නව හැදුනුම්පතක්

    ජූලි 02, 2014
    2016 වර්ෂය අවසන් වීමට පෙර සියලු දෙනාට නව හැදුනුම්පතක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු සිදුකරමින් පවතින බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාච්ඡාවට එක්වෙමිනි.
     
    "නව ක්‍රමවේදය යටතේ සියලු දෙනාට නව අංකයක් සහිත නව හැදුනුම්පතක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා". 
     
    විද්‍යුත් හැදුනුම්පත් ලබාදීමේ කටයුතු සඳහා අවශ්‍ය මුලික පියවරක් වශයෙන් සියලු ග්‍රාම නිලධාරීවරුන් තොරතුරු හා ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා පුහුණු කරමින් පවතින බවත් තොරතුරු ලබාගැනීමේ කටයුතු ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බවත් සරත් කුමාර මහතා පැවසීය.
     
    නව ක්‍රමවේදය හරහා එකම අංක කාණ්ඩයක් යටතේ හැදුනුම්පත් දෙකක් නිකුත් වීමට කිසිදු හැකියාවක් නොමැති බවත් පැරණි ක්‍රමය යටතේ එසේ අංක කාණ්ඩ ලැබී ඇති පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම පරිදි නැවත නිවැරදි කිරීමට කටයුතු කළ හැකි බවත් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya