අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COCO TECH සමුළුව හා ප්‍රදර්ශනය 07 දා ඇරඹේ Featured

    ජූලි 02, 2014

    පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හා ආසියානු හා ශාන්තිකර පොල් ප්‍රජාව එක්ව සංවිධානය කරනු ලබන (46) වන COCO TECH සමුළුව මේ මස 07වන දින සිට 11වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ආසියානු හා ශාන්තිකර පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ඇතුළු රටවල් 27කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් විදේශ නියෝජිතයින් 156කට වැඩි ප්‍රමාණයක් සහභාගි වීම දැනටමත් තහවුරු කර ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

    මෙය පොල් ක්ෂේත්‍රයේ නිෂ්පාදනකරුවන්, අපනයනකරුවන්, පර්යේෂකයන් සියලු දෙනා එක්වන ලොව විශාලත ම සමුළුව වේ.

    මෙවර සමුළුවේ තේමාව " සුනම්‍ය හා තිරසාර පොල් කර්මාන්තයක් සඳහා වූ ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන් සහ තාක්ෂණය" වේ.

    මෙම සමුළුවේදී  පොල් වගාවේ නව වගා, නැවත වගා, නව ප්‍රභේද නිපදවීම, සමෝධානික පලිබෝධ පාලනය, පොල් ආශ්‍රිත සමෝධානික ගොවිපොළ ක්‍රමය, පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, ආසියානු හා ශාන්තිකර කලාපයේ හා ලෝක පොල් නිෂ්පාදනයට දේශගුණික හා කාලගුණික විපර්යාසවල බලපෑම ඇතුළුව පොල් ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් පිළිබඳව සංවාදයට ලක්වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya