මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සා/පෙළ: හැඳුනුම්පත් ඉල්ලා ඇත්තේ හතරෙන් එකක් පමණයි

    ජූලි 02, 2014
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වාර්ෂිකව ලක්ෂ 5ක් පමණ ඉදිරිපත් වන අතර මෙවර ඔවුන්ගෙන් හැඳනුම්පත් සඳහා අයදුම්කර ඇත්තේ 125,000ක් පමණක් බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පවසයි.
     
    2014 ඔක්තෝබර් 31 වැනි දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ වන අයට නව හැඳුනුම්පත් ලබාගැනීමට පාසල් මාර්ගයෙන් අයදුම් කළ හැකිය. 
     
    මෙවර අපොස සාමාන්‍ය පෙළ පාසල් විභාග අපේක්ෂකයන් තම ජාතික හැදුනුම්පත් සඳහා වන අයදුම්පත් හැකි ඉක්මනින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත එවන ලෙස ද කුමාර මහතා ඉල්ලා සිටියේ අද (02) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
     
    සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් ලක්ෂ 05ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් වන බවත් එහෙත් මේ වන විට ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කොට ඇත්තේ 125,000ක පමණ ප්‍රමාණයක් බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා පසුගිය මැයි 31 වන දිනට පෙර මෙම අයදුම්පත් දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වන ලෙස පාසල් මාර්ගයෙන් දැනුවත් කර තිබූ බවත් පෙන්වා දුන්නේය.
     
    "මැයි 31 වන දිනට අයදුම්පත් 1,25,000කට ආසන්න අයදුම්පත් ප්‍රමාණයක් පමණක් ලැබී තිබුණේ. නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සැලසුම් ගත ක්‍රියාවලියක් අනූව සිදුවන්නක්. කලින් අයදුම්පත් එවීම සිදු කළහොත් ප්‍රමාදයක් තොරව කල්වේලා ඇතිව හැදුනුම්පත් නිකුත් කළ හැකියි. ලැබී ඇති අයදුම්පත්වලින්ද 3000කට වැඩි ප්‍රමාණයක් විවිධ අඩුපාඩු සහිතයි. එම අඩුපාඩු නැවත සකස් කළ යුතුයි. එවිට යම් කාලයක් ගත වනවා". 
     
    දෙපාර්තමේන්තුවේ පවතින භෞතික හා මානව සම්පත් ප්‍රමාණය අනුව දිනකට නිකුත් කළ හැක්කේ හැදුනුම්පත් 4500ක් වැනි ප්‍රමාණයක් බවත් එබැවින් කල්වේලා ඇතිව තම අයදුම්පත් තම දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සලස්වන ලෙස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.
     
    ඉදිරි සති දෙකක තුනක පමණ කාලයක් ඇතුළත දී සියලු අයදුම්පත් තම දෙපාර්තමේන්තුව ලැබුණ හොත් අපහසුවකින් තොරව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂක දරුවන් වෙත කල්වේලා ඇතිව හැදුනුම්පත් නිකුත් කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya