මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවේ Featured

    ජූලි 02, 2014

    නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපති තනතුරට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථමවරට නිල සංචාරයක නිරත විය.

     

    එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා අතර හමුව අද  (02) වන දින පෙරවරුවේ  සිදුවිය. ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී නාවික හමුදාපතිවරයා ගුවන් හමුදා කොළඔ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් ඩී.ජේ.සී. වීරකෝන් නිලධාරිවරයා විසින් පිළිගත් අතර, ගෞරව සම්මාන මුරයක්ද එහිදී පිරිනමන ලදී.

    අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා සමඟ සුහද කතාබහකද නිරත විය. දෙපාර්ශවය ම මෙම හමුවීම සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුමවාරු කරගත් අතර, නාවික හමුදාපතිවරයා සමරු සටහනක් තැබීමටද එහිදී අමතක නොකළේය.

    ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරිහු ද නව පත්වීම් ලද නාවික හමුදාපතිවරයා හට සුභ පැතීමට එක්ව සිටියහ.

     

    ECB

    air3

    air4

    air2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya