මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ජූලි 02, 2014
    බීට්ටු වන නිලධාරී තනතුරුවලට පත්කිරීම සඳහා පැවැත් වූ ලිඛිත වෘත්තීය පරීක්ෂණය - 2011(2014) විභාගයේ ප්‍රතිඵල පසුගිය ජූනි 30 දින නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    එම විභාග ප්‍රතිඵල වන සංරක්ෂක ජනරාල්, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව, සම්පත් පාය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර තිබේ.

     

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2013 (අප්‍රේල්/මැයි) සිංහල/ දෙමළ I/II/III මට්ටම - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව/ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විභාගයේ I හා II මට්ටමේ ප්‍රතිඵල පසුගිය ජූනි 30 දින රාජ්‍ය භාෂා කොමසාරිස්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, භාෂා මන්දිරය, 341/7, රාජගිරිය යන ලිපිනය වෙත නිකුත් කර ඇත.
     

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක සේවයේ II ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2014 සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2014 ප්‍රතිඵල පසුගිය 25 වන දින ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 වෙත නිකුත් කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya