අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොදු බල සේනාව තවත් එක් ආගමික සංවිධානයක් පමණයි

    ජූලි 02, 2014
    ආගම් පදනම් කරගත් සංවිධාන රාශියක් ඇති බවත් බොදු බල සේනා සංවිධානය ද එවැනි තවත් එක් ආගමික සංවිධානයක් පමණක් බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසීය.
     
    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාච්ඡාවට එක්වෙමිනි.
     
    "පසුගියදා අලුත්ගම ඇති වු කලබලකාරී තත්ත්වයට සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට විවිධ මාධ්‍ය හරහා විවිධ චෝදනා එල්ලකරනවා. ඒ සඳහා යොදා ගෙන තිබෙන ඡායාරූප මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති ඒවායි". 
     
    කිරම විමලජෝති හිමියන්ගේ සහ පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ ආරාධනයක් අනුව පසුගිය වසරේ මාතර "මෙත් සෙවණ" බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ ගත් ඡායාරූප යොදාගනිමින් ආරක්ෂක ලේකම්වරයා බොදු බල සේනාවට අනුග්‍රහය දක්වන බව ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවත් එම චෝදනා පදනම් විරහිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 
     
    අලුත්ගම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල විනාශ වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය වෙත ලබා දුන් රුපියල් මිලියන 200ක මුදලින් ආරක්ෂක අංශවල සහයෝගයෙන් නිවාස හා වෙළෙඳසැල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇතැයි ද වනිගසුරිය මහතා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya