Print this page

බංග්ලාදේශ ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජූලි 16, 2017

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්  බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ෂීීක් හසීනා මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

එම සංස්කෘතික ප්‍රසංගයෙන් අනතුරුව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජනයට ද ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක්වූහ.