Print this page

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නව තනතුරක්

ජූලි 13, 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා වශයෙන් ප‍්‍රධාන බලලත් නිළධාරී ජීජීඑම් රංජිත් කුමාර මහතාට පත්වීම ලබාදීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඊයේ (12) සිදු කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති පෙළපාලියක් මගින් මෙම පත්වීම ලබාදීම සිදු විය.

 

විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා වශයෙන් පත්වීම් ලබා ගන්නා පුද්ගලයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිළ ශ්‍රේණිගත කිරීම් වල ජ්‍යේෂ්ඨතමයා බවට පත්වේ.

 

විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිළයන් සහ ගුවන් හමුදාවේ විධායක නොවන සිවිල් සේවකයන්ගේ සාමාන්‍ය පරිපාලන කටයුතු සුබ සාධන කටයුතු ඇතුළු ඔවුන් සම්බන්ධ සෑම අංශයක් පිළබඳව ගුවන් හමුදාධිපතිතුමන්ට සෘජුවම වාර්ථා කිරීමට සියලු වගකීම් පවරා තිබේ.

 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදා ආරක්‍ෂක මණ්ඩලය නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.