නිල්වලා ගඟේ ඉදිකර ඇති අලංකාර උදකුප්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන මෙවර උත්සවයේදී සාමනේරයන්වහන්සේලා හාරසිය නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නිමිතය.මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හා අග්රාමාත්ය දි.මු. ජයරත්න, කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහත්වරුන්ගේ හා දිස්ත්රික්කයේ සියලු ම මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (02) සවස දෙකට පැවැත්වෙන අතර එහි මුලසුන රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නා හිමියෝ උසුලති.
ECB