Print this page

වැසි සහිත කාලගුණය තවදුරටත්

මැයි 19, 2017
දිවයිනේ නිරත දිග ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
බස්න‍ාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල (මි.මි. 100ට වැඩි) තද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
 
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
දිවයින පුරා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල) විටින් විට හමන පැ.කි. 50දක්වා වන තරමක් තද සුළං සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන (පැ.කි.මි. 60 - 70) තද සුළං අපේක්ෂා කළ හැකිය.