Print this page

මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි Featured

අප්‍රේල් 18, 2017

මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ.


ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අදහස් දක්වමින් වියට්නාම් ජනාධිපතිවරයා සහ කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම්වරයා ප්‍රකාශ කළේ, මේ සංවේගී අවස්ථාවේ වියට්නාම් ජනතාව සහ රජය හදවතින්ම ශ්‍රී ලංකාව සමග එකට එක්ව සිටින බවය.

 

එවැනි ඛේදවාචකයන් අනාගතයේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමේ දී යම් සහයයක් අවශ්‍ය වෙතොත් එය ලබා දීමට තමන් සූදානම් බව ද ඔව්හු පැවසූහ.

 

විපතට පත් අවස්ථාවේ ශෝකය පළ කිරීමටත්, අවශ්‍ය සහය ලබාදීමටත් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කළේය.