අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් සභා මැතිවරණය - 2014 Featured

    මාර්තු 29, 2014

    අද (29) පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට බස්නාහිර පළාත සඳහා ඡන්දදායකයින් 4,024,623ක් ලියාපදිංචි වී සිටිති. ඉන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා 1,552,733ක්ද ගම්පහට 1,590,076ක් හා කළුතර 881,814ක් ලෙස ඡන්දදායකයින් ලියාපදිංචි වී සිටිති.

    මෙවර බස්නාහිර පළාත සඳහා සභිකයෝ 102ක් තෝරා ගැනෙති. කොළඹ දිස්ත්‍රික්කයෙන් 40ක්, ගම්පහින් 40ක් හා කළුතරින් 22ක් ලෙස මෙහිදී මන්ත්‍රීධූර තෝරා පත්කර ගැනීමට නියමිතය.

    2009 අප්‍රේල් පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය 64.73%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීමට සමත් වුණි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,506,115ක් ලබාගෙන සමස්ත මන්ත්‍රීධූර104න් (ප්‍රසාද මන්ත්‍රීධුර ආසන 2 ඇතුළුව) 68ක් ලබා ගනිමින් 2009 දී බස්නාහිර පළාත ජය ගෙන තිබේ.

    එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 688,253ක් (29.58%) ලබා මන්ත්‍රීධූර 30ක් ගෙන විපක්ෂය බවට පත් වූයේය.

    ජනතා විමුක්ති පෙරමුණ දකුණු පළාතෙන් ඡන්ද 56,384ක් (2.42%ක) ලබා මන්ත්‍රීධූර 03ක් දිනා ගත්තේය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 49,388ක් (2.12%) ලබා ගනිමින් මන්ත්‍රී ආසන 02ක් හිමිකර ගැනීමට සමත් වුණි.

    ප්‍රජාතන්ත්‍රවාදී සමඟි පෙරමුණ ඡන්ද 11,970ක් (0.51%) ලබාගනිමින් එක් ආසනයක් හිමිකර ගත්තේය.

    2009 මැතිවරණයේ දී බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 1,560,593ක් ලියාපදිංචි වී සිටි අතර 957,035ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර  25ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 15ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමිවී තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී සමඟි පෙරමුණ එක් මන්ත්‍රීධූරය බැගින් හිමිකර ගත්තේය.

    2009 මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 1,458,295ක් ලියාපදිංචි වී සිටි අතර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 932,360කි. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 27ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 10ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමිවී තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද එක් මන්ත්‍රී ධූරයක් හිමිකර ගැනීමට සමත් විය.

    කළුතර දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 801,326ක් ලියාපදිංචි වී සිටි අතර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 526,484කි. මෙහි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 14ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 05ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමිවිය.

    2009 දී බස්නාහිර පළාත සඳහා ලියාපදිංචි ව තිබූ ඡන්ද සංඛ්‍යාව 3,820,214ක් වූ අතර ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 2,415,879කි. ඉන් අවලංගු ඡන්ද සංඛ්‍යාව 88,993කි. ප්‍රතිශතයක් ලෙස එය 3.68%කි. පළාතේ වලංගු ඡන්ද සංඛ්‍යාව 2,326,886කි. ප්‍රතිශතයක් ලෙස එය 96.32%කි.

    NDH/DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya