මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් සභා මැතිවරණය - 2014 Featured

    මාර්තු 29, 2014

    අද (29) පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට දකුණු පළාත සඳහා ඡන්දදායකයින් 1,873,804ක් ලියාපදිංචි වී සිටිති. ඉන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 809,882ක්ද මාතරට 608,524ක් හා හම්බන්තොට 455,398ක් ලෙස ඡන්දදායකයෝ ලියාපදිංචි වී සිටිති.

     

    දකුණු පළාත් සභාව සඳහා සභිකයෝ 53ක් තෝරා පත් කර ගන්නේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වෙනුවෙනි. මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයට 22ක්, මාතරට 17ක් හා හම්බන්තොටට 14ක් ලෙස මන්ත්‍රීධූර තෝරා පත්කර ගැනෙති.

     

    2009 ඔක්තෝබර් පැවති දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය 67.88%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීමට සමත් වුණි.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 804,071ක් ලබාගෙන සමස්ත මන්ත්‍රීධූර  55න් (ප්‍රසාද මන්ත්‍රීධුර ආසන 2 ඇතුළුව) ආසන 38ක් ලබා ගනිමින් 2009 දී දකුණු පළාත ජය ගෙන තිබේ.

     

    එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 297,180ක් (25.09%) ලබා මන්ත්‍රීධුර 14ක් ගෙන විපක්ෂය බවට පත් වූයේය.

     

    ජනතා විමුක්ති පෙරමුණ දකුණු පළාතෙන් ඡන්ද 72,379ක් (6.11%ක) ලබා මන්ත්‍රීධූර 03ක් දිනා ගත්තේය.

     

    2009 මැතිවරණයේ දී දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 761,815ක් ලියාපදිංචි වී ඇති අතර 539,980ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 16ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 06ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමි වී තිබේ.

     

    මාතර දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 578,858ක් ලියාපදිංචි වී ඇති අතර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 394,979කි. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 12ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 05ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමිවී තිබේ.

     

    හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයින් 421,186ක් ලියාපදිංචි වී ඇති අතර 301,634ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙහි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 08ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 03ක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධූරයක් හිමිවී තිබේ

     

    2009 දී දකුණු පළාත සඳහා ලියාපදිංචි ව සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,761,859ක් වූ අතර ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,236,593කි. ඉන් අවලංගු ඡන්ද සංඛ්‍යාව 52,082කි. ප්‍රතිශතයක් ලෙස එය 4.21%කි. පළාතේ වලංගු ඡන්ද සංඛ්‍යාව 1,184,511කි. ප්‍රතිශතයක් ලෙස එය 95.78%කි.

     

    NDH/DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya