Print this page

තොරතුරු පනත පෙබරවාරී 3 වැනි දා ගැසට් කෙරේ Featured

ජනවාරි 11, 2017

‍තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය පෙබරවාරී 03 වැනි දා ගැසට්  කරන බව ඒ අනුව එදින සිට ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

ඒ මහතා ප්‍රකාශ තොරතුරු දැනගැනීමේ පනත එකවර ජනතාව අතරට නොගියද එය ජනතාවට වාසි ගෙන දෙන්නක් බවයි.

 

තොරතුරු නිලධාරීන් පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.