අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.
මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම සහ අනුරාධපුරයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
HC