අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග වැසි සහිත කාලගුණය අද දිනයේ අඩුවන ලකුණු Featured

    ජූනි 13, 2014

    අද (13) දිවයිනේ නිරිතදිග කොටස්වල වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේ තාවකාලිකව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව කෙසේවෙතත්, දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින් විට මෝසම් වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැක.


    දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.


    මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම සහ අනුරාධපුරයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya