මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර නායයෑමේ අවදානම් සහිතයි Featured

    ජූනි 12, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.

     

    එහි අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා අද පස්වරුවේ නිකුත් කරන ලද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයෙහි මේ බව දැක්වේ.

     

    එහි සඳහන් වන පරිදි නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ පහත සඳහන් පරිදි වේ.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ, අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳු බෑවුම් සහ පුන්ඩලුඔය - තලවකැලේ මාර්ගය, නුවරඑළිය - හැටන් මාර්ගය ඇතුළු සියලු මාර්ග සහ නෝර්ටන් බ්‍රිජ්, ලක්ෂපාන සහ කාසල්රී ප්‍රදේශ.

     

    රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කළවාන, ඇළපාත, රත්නපුර, ඇහැලියගොඩ සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම් සහිත ප්‍රදේශ සහ නිර්මිත බෑවුම්.

     

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම් සහිත ප්‍රදේශ සහ නිර්මිත බෑවුම් ද කෑගල්ල විකල්ප මාර්ගය සහ ගංතුනේ කඳුරට විද්‍යාල පරිශ්‍රය.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති කඳුබෑවුම් සහ මහනුවර - මහියංගන මාර්ගය ඇතුළු සියලු මාර්ග.

     

    මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි අද පස්වරුව වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් තොට්ඨාසවල නායයෑම්, ඉවුරු කඩා වැටීම් සහ ජල ගැලීම් නිසා ආපදාවට පත් වූ පවුල් 9ක පනස්දෙදෙනෙකුට (52) ආරක්ෂිත ස්ථාන තුනක රැකවරණ සලසා තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya