මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවට ජපානයෙන් ගිනි නිවන රථයක්

    ජූනි 12, 2014

    ජපන් රජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර පවතින අඛණ්ඩ මිතුදම සහ සුහදත්වය මත එරට ඔකසාවා ජුයිකී හි සභාපති හිරෝශිගේ ඔකසාවා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාව වෙත ගිනි නිවන රථයක් පරිත්‍යාග කිරීම ඊයේ (11) සිදු කෙරිණි.


    මෙම අවස්ථාවට යුද හමුදාපති නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ වෙත ජපන් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඔකසාවා මහතා ගිනි නිවන රථයේ යතුර භාර දුන්නේය. යුද හමුදා මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී මේ සඳහා උත්සවයක් සංවිධානය කොට තිබුණි.


    ජපානයේ වෙසෙන තේමිය ගුණතිලක මහතා සහ මෙරට සිටින ඩබ්.එල්.එස්.එන්. සිරිවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ අතර, හිටපු යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඊ.පී. ද ඉසෙඩ්. අබේසේකර ද මෙම අවස්ථාවට සහභාගී විය.


    යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොළ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. උඩවත්ත ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.


    HC/armymedia

    Japanese Donor Gifts Fire Engine to the Army 1

    Japanese Donor Gifts Fire Engine to the Army 2

    Japanese Donor Gifts Fire Engine to the Army 3

    Japanese Donor Gifts Fire Engine to the Army 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya