අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේශ ධාතුන් වහන්සේලා සඳහිරු සෑය වෙත Featured

    ජූනි 12, 2014

    බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට අනුරාධපුර සඳහිරු සෑය වෙත වැඩම කරවීම රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරන ලදී.

    ඒ වෙනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කේශ ධාතු පිළිගනු ලැබුවේ අමාත්‍යාංශයේ හෙළියානා පථයේදීය. ඊයේ (11) දින සවස් කාලයේදී එම කටයුත්ත සිදුකෙරුණි.

    සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ නිල උත්සවය අද (12) දින පැවැත්වේ. මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව පවත්වන සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය අද සිට 15 වැනිදා දක්වා මහජනයා වෙනුවෙන් පැවැත්වෙයි.

    හුණුපිටිය ගංගාරාමයේ සිට ආරක්ෂක අමාත්‍යාංශය වෙත මෙම කේශ ධාතූන් වැඩම කරන ලද්දෙ කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසිනි.

    අනතුරුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කේශ ධාතු පිළිගත් අතර, ගුවන් මගින් සඳහිරු සෑයට වැඩම කෙරිණි.

    HC/mod

    kesha dhathu sanda hiru seya 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya