අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ අපරාධ ගැන ආරක්ෂක හමුදාවලට නඟන චෝදනා අසත්‍යයයි

    ජූනි 12, 2014

    රට තුළ සිදුවන අපරාධවලින් බොහොමයක් සඳහා ආරක්ෂක හමුදාවල සිටි හෝ සිටින සාමාජිකයින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ යැයි කිසියම් පිරිසක් විසින් රටෙහි වැරදි මතයක් ඇති කර තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රති‍ක්ෂේප කරන බවත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පවසයි.


    ඊයේ (11) කොළඹ, මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වනිගසුරිය මහතා කරුණු දක්වමින් දැනට මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අපරාධ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන ලදී.


    රටේ සමස්තයක් වශයෙන් සිදුවන විවිධ අපරාධවලින් බොහෝ දුරට 3% - 5%ත් අතර සංඛ්‍යාවක් සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සම්බන්ධ වී ඇති බව පෙනී යයි. නමුත් ඇතැම් පිරිස් විසින් ආරක්ෂක හමුදාවන් අපකීර්තියට පත් කිරීමේ අදහසින් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පළ කරති. මෙසේ අපරාධවලට සම්බන්ධ වී ඇති එම සුළු පිරිසට පවා රටේ පවතින නීතියට අනුව ඉදිරි කටයුතු කරගෙන යනු ලබන බවද වනිගසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

     

    මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් 2010, 2011, 2012, හා 2013 යන වර්ෂයන් සඳහා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන මෙසේය.

     

    police report

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya