මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මානුකූලව ජීවත්වීමෙන් යහපත් සමාජයකට මඟ හදමු

    ජූනි 12, 2014
    පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වන්නේ ලක්දිවට බුදු දහම රැගෙන ඒමත් සමඟ ලක්දිව සංස්කෘතිය හා සදාචාරය නව මාවතකට යොමුවීම නිසා බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    ක්‍රි.පූ. 248දී ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ඒම මිස්සක පර්වතයේ දී සිදු වූ අතර, එම නිසා මිස්සක පර්වතය ඓතිහාසික උරුමයකට ද හිමිකම් කියන්න බවත් බුදු දහම රැගෙන ඒමත් සමඟ සමාජයේ සෑම අංශයක්ම දියුණුවක් ලැබීම විශේෂයෙන් දැකිය හැකි කරුණක් බවත් එහි සඳහන් වේ. 
     
    ශ්‍රී ලාංකීයයන් වශයෙන් මිහිඳු මා හිමියන් බුදු දහම රැගෙන ඒම ලක්දිව නව ශිෂ්ටාචාරයකට ද යොමු වූ බව දැකගත හැකිය. පන්සිල් රැකීම, ධර්මානුකූලව හැසිරීම, දන් දීම හා පස්පවින් වැළකීම වැනි සාරධර්ම අප සමාජයට පැමිණියත්, වර්තමානය වන විට එම සාරධර්ම වියැකී යන තත්ත්වයක් උදා වී තිබේ. එයට ප්‍රධාන හේතුව වශයෙන් මිනිසුන් ආගමානුකූලව ජීවිත්වීමෙන් බැහැර වීම දැකිය හැකිය. 
     
    මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී බෞද්ධ සාරධර්ම රකින යහපත් සමාජයක් ගොඩනැගීමට ශ්‍රී ලාංකීයයන් සැමදෙනාම යොමු වේවා යැයි ප්‍රාර්ථනය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya