අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සද්ධර්මය ලක්දිවට පුද කළ ඓතිහාසික අවස්ථාව බැති සිතින් සමරමු

    ජූනි 12, 2014
    අමා මෑණි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලක්දිවට පුද කළ ඓතිහාසික අවස්ථාව බැති සිතින් සමරන පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සුභාශිංසන එක් කිරීමට හැකි වීම තමන් ලද භාග්‍යයක් යැයි අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මහතා පොසොන් පොහොය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    සාරධර්මයන්ගෙන් ශික්ෂිත විනයකින් යුතු මනා ගුණවත් ජන පිරිසකගෙන් සමන්විත මාතෘ භූමියක් බවට හෙළ ලක් දෙරණ පත් කරවීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙහෙවර ඉවහල් වූ බවද එහි සඳහන් වේ.
     
    "හෙළවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වන මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දඹදිව සිට මෙහි වැඩම කොට සෑම ගමක්, නගරයක් පාසාම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේ ගුණවත් පරපුරක් බිහිකිරීමේ අ‍පේක්ෂාවෙනි".
     
    "අනුකරණශීලි, බටහිරවාදී සමාජ සංස්කෘතිය නිසා බෞද්ධ සංස්කෘතියේ උරුමය සහ සාරධර්මවලට විවිධ බලපෑම් අත්වී ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතු වේ. කලින් කල අප සමාජයට එල්ල වන අහිතකර සමාජ බලපෑම්වලින් මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් සහ යුතුකමකි. අප උරුමය අනාගත පරපුර උදෙසා දායාද කරලීම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම ගිහි පැවිදි අප සැමගේ පරම යුතුකම වන බවද මෙහිලා අවධාරණය කරමි". 
     
    ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අභිෂේක මංගල්‍යය සැමරීම හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සනිටුහන් කරන උතුම් පුර පසළොස්වක පොහොය දින සමරන මේ අවස්ථාවේ දී සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් හා සාමයෙන් යුතු සමාජයක් ගොඩනැගීම සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට අසිරිමත් පොසොන් උදානයක් වේවා යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya