අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1990 දී සිදුකළ පොලිස් නිලධාරීන් 600කගේ ඝාතනය ගැන විමර්ශනය කරන්න - විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය

    ජූනි 11, 2014

    පසුගිය සතියේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමු වූ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතවරු පිරිසක් 1990 දී නැගෙනහිර පළාතේ සිදු වූ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන කරුණු හා අදාළ සන්දේශයක් සභාපතිවරයාට භාර දුන්හ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) විසින් අම්පාරේ දී සිදු කරන ලද පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනය සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් විමසා බලන ලෙසට සංගමයේ නියෝජිතවරු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් අභාවයෙන් පසු නිසියාකාර උසස්වීම් ලබා තිබේ ද, විශ්‍රාමික වයස දක්වා ඔවුන්ට වැටුප් ගෙවා තිබේ ද, ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වලට ලබා දෙන විශ්‍රාම වැටුප් වැන්දඹුවන්ට හා අනාථ වූ දරුවන්ට ලැබී තිබේ ද හා මියගිය නිලධාරීන්ගෙන් යැපෙන්නන්ට ලැබිය යුතු වූ වෙනත් වන්දි තිබේ ද යන්න පිළිබඳව සංගමය ප්‍රශ්න කළහ.


    1992 මාර්තු 5 විමර්ශන අංක C403/92/CM හා PA/IG/75/92 පරිදි ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අඩංගු ලිපිගොනුවට අදාළ විමර්ශනයන්ගේ ප්‍රතිඵල පිළිබඳව පොලිස්පතිගෙන් සොයා බලන බලන ලෙසට ද සංගමයේ නියෝජිතයෝ සභාපතිගෙන් ඉල්ලා සිටියහ.


    මේ කරුණු සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා බලා මතු කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙන බවට පරණගම මහතා සහතික විය.


    HC/llrc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya