අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොත් දන්සැල අද, හෙට සහ අනිද්දා Featured

    ජූනි 11, 2014
    පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලේ පහළ මළුවේ දී පැවැත්වෙන පොත් දන්සැල අද (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
     
    පොත් පරිත්‍යාගශීලීන්ගෙන් මෙම දන්සැල සඳහා පොත් ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ග්‍රන්ථ උපදේශක මණ්ඩලයේ ලේකම් විජිත වෙලගෙදර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදී කෘතීන් පොත් දන්සැල වෙත පැමිණෙන්නන්ට ලබා ගත හැකිය.
     
    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya