අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය කවදාවත් කලාපයේ රටවල්වල අභ්‍යන්තර ගැටලුවලට අත පොවන්නේත් බලපෑම් කරන්නේත් නැහැ Featured

    ජූනි 11, 2014
    නව මහජන චීනයේ නිර්මාතෘ මා ඕ සේතුංගේ චින්තනය අනුව ඉදිරියටම ගමන් කරන චීන රාජ්‍ය නායකත්වයන් කිසිදාක කලාපයේ වෙනත් රටවල්වල අභ්‍යන්තර ගැටලුවලට අත පොවන්නේ නැති බවත් ඒ වගේම කිසිදු බලපෑමක් කරන්නේ නැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    කලාපයේ සංවර්ධනය උදෙසා කුඩා රටවල්වලට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙමින් උදව් උපකාර කරන චීනය සිය මිත‍්‍රත්වය හරහා රටවල් රටවල් අතර, පළාත් පළාත් අතර, පක්‍ෂ පක්‍ෂ  අතර, සංගම් සංගම් අතර, මිනිසුන් මිනිසුන් අතර මිත‍්‍රත්වය තුළින් සංවර්ධනයට දායකත්වය ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ, කදිරගාමර් මධස්ථානයේ පැවතී චීන මිත‍්‍රත්ව 60 වැනි සාංවත්සරික උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි. 


    1954දී ආරම්භ කරන ලද විදේශීය රාජ්‍යයන් සමඟ මිත‍්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමයේ (The Chinese People's Association for Friendship with Foreign Countries) 60 වැනි සාංවත්සරික උළෙල ජූනි මසට යෙදී තිබේ. මෙම සමරු උළෙල සඳහා එම සංගමයේ උප සභාපති හා මහජන චීනයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික Hu Sishe මහතා ඇතුළු චීන දුත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 


    මෙම සමරු උළෙල ශ‍්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කර තිබුණි. චීන - දකුණ ආසියා කලාපීය මිත‍්‍රත්ව හා සහයෝගීතා සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනුනේද අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතායි.
     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා "චීනය හා ආසියාකරයේ රාජ්‍යයන් අතර මිත‍්‍රත්වයට වසර 60ක් පිරෙන මොහොතේදී චීනයේ දිගුකාලීන මිත‍්‍ර රටක් වශයෙන් අපි අපගේ සුබපැතුම් චීනයට පිරිනමනවා. චීනය හා ඉන්දියාව කියන්නේ අපේ ආසියාකරයේ යෝධයන් දෙන්නෙක්. චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං නිර්මාණය කළ සමාජවාදී මහජන චීනය, ඩෙන්ෂියා ඕ පෙං ජනාධිපතිතුමා නව චීනයක් බිහිකරමින් චීනය ආසියාවේ යෝධයා බවට පත් කළා. එතුමා චීන ආර්ථිකය නිදහස් කරමින්, චීනයේ ජනතාවට නව සමාජවාදී මාවතක් විවර කර දුන්නා. මේ නිසා අද චීන ජනතාවට හොඳ නිදහසක් ලැබී තියෙනවා. ඒ නිසා චීනය අද ආසියාව තුළ පමණක් නෙවෙයි මුළු ලෝකය තුළ ආර්ථික වශයෙන් යෝධ සංවර්ධනයක් ලබාගෙන තියෙනවා. අද චීනයේ ප‍්‍රධානතම ණයකරුවා බවට පත්වෙලා සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අනෙකුත් බටහිර රාජ්‍යයන් බොහොමයක් චීනයේ ණයකරුවෝ බවට පත්වෙලා සිටිනවා. මේ නිසා බටහිර රාජ්‍ය ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී චීනය යෝධයෙකු සේ සිය ආර්ථික ශක්තිය තුළින් නැගී සිටියා.

    චීනය කවදාවත් රටවල්වල ප‍්‍රශ්නවලට අත දාන්නේ නැහැ. ඒ වගේම බලපෑම් කරන්නෙත් නැහැ. ඔවුන් චීන මිත‍්‍රත්වයේ හස්තය කලාපයේ රටවල් වෙත දිගු කරනවා. මේ චීන මිත‍්‍රත්ව සම්බන්ධතා මඟින් හැමවිටම චීනය කලාපයේ මිත‍්‍ර රාජ්‍යයන් තුළ සිය සුහදතාව වර්ධනය කර ගනිමින් ඒ රාජ්‍යයන්ගේ සංවර්ධනයට උදව් උපකාර ලබාදෙනවා" යැයි ද පැවසීය.

    මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගිතා සංගමයේ විධායක සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර, චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශ ප‍්‍රධානි ෂෙං මිං යන මහත්වරුද සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya