අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා හා තාක්ෂණ සංවර්ධනයට චීනයෙන් ඩොලර් මිලියනයක අධාර

    ජූනි 11, 2014
    චීන රජය සංවිධාන කළ චීන දකුණු ආසියාතික විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්ගේ සැසිය ජුනි 06 වන දා සිට 09 වන දා දක්වා චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින්ග් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවතිණ. 
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතන දෙකක ප්‍රධානීන් ද ඇතුළුව 05 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ. 
     
    අමාත්‍යවරුන්ගේ සැසිය ඇමතූ අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ සංවර්ධනය වෙනුවෙන් උපරිම තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම භාවිත කිරීමේදී අප ජීවත්වන පරිසරයට ඉන් සිදුවන බලපෑමද අවධානයට ගත යුතු බවයි. පරිසරයට හානි සිදුකර කොතරම් තාක්ෂණයෙන් වර්ධනය වූවත්, ඒක පුද්ගල ආදායම සහ දළ ජාතික නිෂ්පාදිතය උපරිමයෙහි පවත්වා ගත්තත් මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් පැන නගින බවයි. මේ පිළිබඳව සමස්ත සභාවේම අවධානය සහ අදහස් ද පළ වූ අතර සාක් කලාපීය රටවල තිරසර හරිත සංවර්ධනය පිළිබඳව විශේෂ ඇගයීමක් සහ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද එහිදී එකඟ වී ඇත.
     
    චීනයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වැන් ගැන්ග් මහතා සමඟ චම්පික රණවක මහතා ද්විපාර්ශවික සාකච්ඡාවකට එක් විය. එහිදී ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයකට සහ පර්යේෂණ සඳහා පළමු අදියරේ ආධාර මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට චීන රජය එකඟ වී ඇත.  ඊට අදාළ අවබෝධතා ගිවිසුම් ඉදිරි මාස 04 ඇතුළත ශ්‍රී ලංකාවේ දී අත්සන් තැබීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආහාර තාක්ෂණය, කෘෂිකර්මය, දේශගුණ හා කාලගුණවිද්‍යා තාක්ෂණය, අධිතාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, රොබෝ ඉංජිනේරු තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය වැනි උසස් තාක්ෂණ ක්‍රමවේද සංවර්ධනයට අවශ්‍ය දැනුම, විද්වත් හුවමාරුව, පර්යේෂණ සහ මූල්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන බවටද චීන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වැන් ගැන්ග් මහතා එකඟ වී ඇත.
     
    චීන පළමු උප අග්‍රාමාත්‍ය ෂෑන්ග් ගැඕලි දකුණු ආසියාතික අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙත ලබාදෙන තාක්ෂණික පහසුකම් සහ මූල්‍ය ආධාර පිළිබඳව තම රජයේ එකඟතාව පළකර ඇත. ශ්‍රී ලංකාවට ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක දැනුම හුවමාරුවට, ආයෝජනයට තම රට සූදානම් බවද උප අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
     
    චීනය හා සමඟින් තිරසර තාක්ෂණික සංවර්ධනයට ගතහැකි උපරිම පියවර ගැනීමට තම අමාත්‍යාංශයේ තමන් ඇතුළු සියලු නිලධාරීනුත්, අනුබද්ධ ආයතන 14 හි නිලධාරීනුත් කැප වී කටයුතු කළ යුතු බව ඊයේට (10) යෙදී තිබූ ජුනි මස කළමනාකරණ රැස්වීමේදී අමාත්‍ය චම්පික රණවක මහතා උපදෙස් ලබා දුන්නේය.
    HC/ MAP
    S T china1
    S T china3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya