මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක Featured

    ජූනි 11, 2014
    පකිස්තානු යුද හමුදාපති ජෙනරාල් රහිල් ෂරේෆ් (නිස්හාන් ඊ. ඉමිටියස් ) මහතා ලබන 19 දින සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


    එදින පස්වරු 12.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බැහැදැකීමටත් ඉන්පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන් බැහැදැකීමටත් පකිස්තානු යුද හමුදාපතිවරයා කටයුතු කරනු ඇත.

     

    20 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණ විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා එදිනම පෙරවරු 10.30ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බැහැදැකීමටත් පෙරවරු 11.30ට නාවික හමුදාපතිවරයා සමඟ සාකච්ඡාවක නිරතවීමටත් ඔහු කටයුතු කරනු ඇත.

     

    ලබන 21 වැනි සෙනසුරාදා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමත් එතුමාගේ නිල සංචාරයේ ප්‍රධාන කාර්යයකි.

     

    22 වැනි ඉරිදා පෙරවරු 9.30ට ආරක්ෂක සේවා මූලස්ථානය (මධ්‍යම) වෙත පැමි‍ණෙන පකිස්තානු යුද හමුදාපතිවරයා දළදා මාලිගාව වැඳපුදා ගෙන එදින පස්වරුවේ කිලිනොච්චි ආරක්ෂක සේවා මූලස්ථාන බල ප්‍රදේශයේ සංචාරයක් සඳහා නික්ම යාමට නියමිතය.

     

    ලබන 23 වැනි දා පෙරවරු 8.30ට ගුවන් හමුදාපතිවරයා බැහැදැකීමෙන් පසු ඔහු පස්වරු 3.30ට නැවත පකිස්තානය බලා පිටත්ව යන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    මොහු පකිස්තාන යුද හමුදාපතිවරයා ලෙස 2013 නොවැම්බර් 29 දින සිය රාජකාරී භාර ගත්තේය. 1956 ජූනි 16 දින උපත ලබා ඇති ඔහුගේ පියා දෙවන ‍ලෝක යුද සමයේ යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස සේවය කර තිබේ. මොහුගේ වැඩිමහල් සොයුරන් දෙදෙනා ද යුද හමුදාවේ කීර්තිමත් නිලධාරීන් දෙදෙනෙකු ලෙස 1971 ඉන්දු පාකිස්තාන් යුද්ධයේදී කටයුතු කර ඒ වෙනුවෙන් ලැබිය හැකි උසස් ම පදක්කම් ලබා තිබේ. 

     

    1976 ඔක්තෝබර් මස ලාහෝර් හි පිහිටි පකිස්තානු යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරි ලැබූ  මොහු 6th Battalion of the Frontier Force Regiment හා එක් විය. ජෙනරාල් රහීල් කැනේඩියානු මාණ්ඩලික විද්‍යාලය, පකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය හා ආරක්ෂාව පිළිබඳ රාජකීය විද්‍යාලයන් වෙතින් උපාධි ලබා ඇත්තෙකි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya