අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියැට් කැලණි නව රේඩියල් ටයර් නිෂ්පාදනාගාරය විවෘත කෙරේ Featured

    ජූනි 11, 2014
    රුපියල් මිලියන 1000ක ආයෝජනය කරමින් ඉදිකරනු ලැබූ සියැට් ටයර් කර්මාන්ත ශාලාවේ නව රේඩියල් ටයර් නිෂ්පාදනාගාරය  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (11) කැලණිය සියැට් ටයර් කර්මාන්ත ශාලා පරිශ‍්‍රයේදී විවෘත කරනු ලැබීය.
     
    මේ වන විට සියැට් ආයතනය විසින් වාර්ෂිකව ටයර් ලක්ෂ 11ක් පමණ නිපදවනු ලබයි. මෙම කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමත් සමඟම සියැට් සමාගමේ වාර්ෂික ටයර් නිෂ්පාදන ධාරිතාව ලක්ෂ 13ක් දක්වා ඉහළ යනු ඇත. 
     
    සියැට් ආයතනය විසින් රටවල් 17ක් සඳහා ටයර් අපනයනය කරනු ලබයි. වාර්ෂිකව රුපියල් මිලියන 3500ක අපනයනය ආදායමක් සියැට් ආයතනය විසින් උපයා දෙනු ලබයි. 
     
    අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ෆීලික්ස් පෙරේරා, කුමාර වෙල්ගම, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කැලණිය ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර, සියැට් ආයතනයේ සභාපති චානක ඩී. සිල්වා, සියැට් ප‍්‍රධාන විධායක නිලධාරී වෙනුවෙන් ගෝපාල් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    MP BR OPEN KALANI TYRE FACTORY
     
    MP BR OPEN KALANI TYRE FACTORY 2
     
    MP BR OPEN KALANI TYRE FACTORY 3
     
    MP BR OPEN KALANI TYRE FACTORY 4
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya