අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක් ව මෙම හමුව සංවිධානය කර තිබුණි.
අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දී පැවති මෙම හමුවේ දී බලපෑමට ලක් වූ ප්‍රදේශවල රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ද ඇතුළුව දැනට පවතින සම්පත් හඳුනාගැනීමේ වැදගත්කම සහභාගීවූවෝ පෙන්වා දුන්හ. ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳවද විද්වතුන්ගේ සාකච්ඡාවට ලක්විය.
එහිදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් එච්.ඩබ්. ගුණදාස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් සහ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ දූතපිරිසේ නියෝජ්‍ය නායක ඩේවිඩ් ක්වෙස්න (David Quesne) යන මහත්ම මහත්මීහු දේශන පැවැත්වූහ.
අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දී සිටින සුවිශේෂී ගැටලු අවබෝධ කරගැනීමේ වැදගත්කම දේශකයින් සියලු දෙනාම පෙන්වාදෙන ලදී. විද්වතුන් සියලුදෙනාම පවසා සිටියේ සියලුම ක්‍රමෝපායන්; එම පවුල්වලට සිදුවන දුෂ්කරතාවන්ට මුහුණ දීමට උදව් කිරීම හා ඔවුන්ට අවශ්‍ය මානසික හා සමාජීය සහයෝගය ලබාදීම අරමුණු කරගත් ඒවා විය යුතු බවයි.
උතුරු හා නැගෙනහිර පළාත්වල සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්, සමාජ සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් හා උතුරු හා නැගෙනහිර පළාතේ සේවය කරන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වූහ.
HC/llrc