අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පූජෝත්සවයක් Featured

    ජූනි 10, 2014

    ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණ විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික මෙහෙය, අද (10) පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

    ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික මෙහෙය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා සෙබළුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණ විරුවන් සිහිකර යාඥා කිරීම, සක‍්‍රීය සේවයේ යෙදී සිටින රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු විය.

    මෙම දේව මෙහෙය සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිධාරීන් හා සෙසු නිලයන් නියෝජනය කරමින් නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ. මිය ගිය රණ විරු පවුල්වල සාමාජිකයින්ද මේ අවස්ථාව සඳහා සහභාගී වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    ECB

    air2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya