අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිධිමත්ව පරිසර සම්පත් භාවිත කිරීමේ ඵල විපාක දැනටම දැකගත හැකියි Featured

    ජූනි 10, 2014

    අද වන විට රට තුළ සිදුවන දැවැන්ත සංවර්ධනය, පරිසරය රැකගනිමින් තුලනාත්මකව සිදු කිරීම අත්‍යවශ්‍ය බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (09) බණ්ඩාරවෙල කොන්තහෙල විද්‍යාල භූමියේ පැවති රාජ්‍ය දැව සංස්ථාව මඟින් සංවිධානය කළ "තුරු ජන සිසු බැංකු" ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, සංවර්ධනයේ නාමයෙන් අවිධිමත් ලෙස වනාන්තර එළි කිරීම, වැලි ගොඩ දැමීම, කලුගල් කැඩීම වැනි පාරිසරික හානි සිදු නොකිරීමට වගබලාගත යුතු බවත්, මෙම පාරිසරික හානිවල බලපෑම් අනාගතයේදී නොව වර්තමානයේදීම දැක ගත හැකිව තිබෙන බවත්ය.
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අද මුළු ලෝකයම දේශගුණ විපර්යාසවලට ලක්වීමෙන් ඉන් පීඩා විඳින බවද පෙන්වා දුන් අතර, බොහෝ විට මාස ගණනක වර්ෂාව දින කිහිපයකින් ලැබීම වැනි අවස්ථා පවතින බව පැවසීය. දිවයිනට ද මේ තත්ත්වය එලෙසින්ම බලපා ඇති බවත්, ඒ අනුව නියමිත කාලවකවානුවලදී වැසි ලැබීම වෙනස් වී තිබේ. උතුරු අර්ධ ගෝලයේ ග්ලැසියර දිය වීම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා දූපත් රාජ්‍යයන් මුහුදු ජලයෙන් වැසී යාමේ අවදානමකටද මුහුණ දෙමින් සිටී. මේ නිසා ජීවීන් විනාශ වීම, ආහාර හිඟ වීම වැනි ගැටලු රාශියකට අනාගතයේදී අපට මුහුණ දීමට සිදු වන අතර දැනට බිලියන 6ක් වන ලෝකජනගහනය වර්ෂ 2050 වන විට බිලියන 9ක් දක්වා ඉහළ යන බවත් පෙන්වා දුන්නේය. ලෝක ජනගහනය සීග්‍රයෙන් ඉහළ යාම නිසා ඇති වන සෑම ගැටලුවකටම මුහුණ දීම සඳහා සම්පත් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    එසේම අසීමිත ලෙස සම්පත් භාවිත කිරීම ද අද වන විට විශාල ගැටලුවක් බවට පත් වී තිබෙන අතර පසුගියදා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් සිදු කළ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ව්‍යාපෘතියේදී සති 2ක් තුළ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 268ක් එක් රැස් වූ බවත් පැවසීය. එහිදී ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ මාසයකට ටොන් 60ක් බවත් අමාත්‍යවරයා පැවසීය.


    තවදුරටත් මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, දිවයින පුරා පාසල්වල පරිසර නියමු කණ්ඩායම් 5000ක් පමණ තිබෙන අතර පරිසරය සුරැකීමේ පණිවිඩය දීපව්‍යාප්ත කිරීමේදී වඩා සාර්ථකම වාහකයින් ලෙස පාසල් ශිෂ්‍යයින් හා ගුරුවරුන් යොදා ගැනීම යෝග්‍ය වන බවද පෙන්වා දුන්නේය.


    ලෝක පරිසර දිනයට සමඟාමීව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ. ඒ යටතේ රාජ්‍ය දැව සංස්ථාව මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ගේ අභිවෘද්ධිය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 80ක් ආවරණය වන ආකාරයට මෙම තුරු ජන සිසු බැංකු ව්‍යාපෘතිය අරඹා ති‍බේ.


    මෙහිදී මෙම පාසල් සඳහා පැළ ලබා දෙන අතර එම පැළ නඩත්තු කිරීම හා රැක බලා ගැනීම පාසල් සිසුන්ට පවරා එහි තත්ත්වය පරීක්ෂා කර බැලීම රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිදු කෙරේ. එසේම මෙම ව්‍යාපෘතිය යටතේ කොන්තහෙල විද්‍යාලයේ ගොඩනැඟිලි අලුත්වැඩියාව, පුස්තකාලයට පොත් ලබා දීම ඇතුලු අනෙකුත් පාසලේ සංවර්ධන කටයුතු හා පැළ ලබා දීම ද සිදුවේ.


    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පුෂ්පකුමාර, ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්, පරිසර පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය දැව සංස්ථාවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    ECB

    en2

    en3

    en4

    en5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya