අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාස සමාරම්භක උත්සවය ආනමඩුවේදී Featured

    ජූනි 10, 2014

    ජාතික පෝෂණ මාසයට අදාළ 2014 සමාරම්භක උත්සවය පසුගියදා ආනමඩුව සුදම්පාය පරිශ්‍රයේදී සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    "යකඩ සපිරි ආහාර ගමු - සුවය සවිය නුවණ වඩමු" තේමාව යටතේ මෙම ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම් කර ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේද සහය ඇතිව පෝෂණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    යකඩ ඌනතා, නීරක්තිය ජීවිතයේ සෑම වකවානුවකදීම පුද්ගලයාගේ පැවැත්මට හා ඵලදායීතාවට බලපෑම් සිදුකරන බැවින් ඒ සඳහා විශේෂ අවශ්‍යතාවන් යොමු කිරීමට මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.මෙම අවස්ථාවට එක් වූ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පැවසුවේ, ක්ෂණික ආහාරවලින් තොරව ගමේ ආහාර වේලකට යොමුවීම තුළින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවන පැවැත්මක් ලබාගත හැකි වන බවයි. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එළවළු පරිභෝජනයේදී පලිබෝධ නාශක මෙන්ම කෘෂි රසායන ඇතැම් ගොවීන් විසින් අධික ලෙස භාවිත කරනු ලැබීම නිසා පාරිභෝගිකයින්ට මෙන්ම ගොවීන්ට ද අහිතකර තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.



    ජාතික පෝෂණ මාසයට සමගාමීව පවත්වන ලද චිත්‍ර හා රචනා තරගවලින් ජය ලැබූ සිසුසිසුවියන්ට ජය සංකේත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට පෝෂණ සම්බන්ධීකරණ අංශ අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන, මහාචාර්ය සුනේත්‍රා අතුකෝරළ හා ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ ජාතික සම්බන්ධීකරණ වෛද්‍ය ලලිත් චන්ද්‍රසේන යන මහත්වරු ද එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya