අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම නගා රට නගන්න රාජ්‍ය සේවකයෝ මීට වඩා සැලකිලිමත් විය යුතු යි Featured

    ජූනි 10, 2014

    ගම නගා රට නගා සිටුවීමට නම් රාජ්‍ය සේවකයෝ මීට වඩා රට ගැන, මහජනයා ගැන සැලකිලිමත් විය යුතු බව පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (09) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.මෙහි දී ගෙවුණ පසුගිය වර්ෂයේ (2013) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු කෙරුණු ව්‍යාපෘතීන්හි  සාර්ථකත්වය පිළිබඳව සාමාලෝචනයක් සිදු කළ අතර, මේ වසරේ දී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු හා ආරම්භයේ දී අවසන් කිරීමට නියමිත වූ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කළ හ.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවින් දිසානායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා  මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ඇමතිනී අනුෂා සිවරාජා හා මධ්‍යම පළාත්, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද, දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා සහ රාජ්‍ය සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya