අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුර ගමන් මගීන්ට සේවා සපයන ආපනශාලා නුසුදුසු මට්ටමේ

    ජූනි 10, 2014

    දුර ගමන් සේවා බස්රථවල මගී ජනතාවට ආහාරපාන සපයන ආපනශාලාවන් ඉතා නුසුදුසු තත්ත්වයේ පවතින ආපනශාලා බවට කරන ලද සමීක්ෂණයක් මඟින් අනාවරණය වී තිබේ. දැනට මෙම ආපනශාලාවල තත්ත්වය වැඩිදියුණු කිරීමේ හා සනීපාරක්ෂක සේවා ස්ථාපිත කිරීමේ නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කෙරේ.

     


    මේ පිළිබඳව ආපන ශාලා හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    මෙහිදී සභාපතිවරයා කියා සිටියේ ඉදිරි මාස 03 ඇතුළත මේ සියලුම ආපනශාලාවන් 50%ක හොඳ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඉතිරි 50% තවත් මාස 03 ක් ඇතුළත සුදුසු තත්ත්වයට ගෙන ආ යුතු බවත්ය. එසේ නොකරන ආපනශාලා හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද වැඩිදුරටත් සභාපතිවරයා අවධාරණය කළේය.

     
    සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ප‍්‍රතිපාදන අවශ්‍ය වන්නේ නම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත්, පුද්ගලික ප‍්‍රවාහන අමාත්‍යාංශයත් එක්ව සාකච්ඡා කර ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය. සියලු ම ආපන ශාලා වැඩිදියුණු කර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලබන බව ද සඳහන් විය.
     

    මෙම වැඩසටහන හරහා සියලු ම ආපනශාලාවන් දේශීයත්වයට මුල් තැන දෙන, පිරිසිදු, ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයන් බවට පත් කරලීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මූලික අරමුණයි.

    ECB/sk_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya