නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරු හමුවේ Featured

    ජූලි 21, 2015
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු ඊයේ (20) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට නාවික හමුදාපතිවරයාගේ පවුලේ ඥාතීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ද එක්විය. 
     
    මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමු වූ නාවික හමුදාපතිවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව නාවික හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය. එහිදී මහ නායක හිමියන් රටේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කරගනිමින් නව තනතුරේ රාජකාරීන් හොඳින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ නාවික හමුදාපතිවරයා හට කෙටි අනුශාසනාවක් ද සිදු කළ අතර, ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි ද පැතීය.
     
    මහ නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගැනීමෙන් පසු නාවික හමුදාධිපති තුමන් ඇතුළු පිරිසට ඓතිහාසික ගෙඩිගේ රජ මහා විහාරය වැඳපුදා ගැනීමට ද අවස්ථාව උදාවිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya